ආපදා නිසා බහාලුම් නිශ්කාෂනයටත් බලපෑම්
December 12, 2025 08:24 pm
ආපදා තත්ත්වය හේතුවෙන් නිශ්කාෂන කටයුතුවල ඇතිවූ ප්‍රමාදයත් සමග මේ වනවිට බහාලුම් නිශ්කාෂනය කිරීමේ යම් ප්‍රමාදයක් මතුව තිබේ.
බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ මෙම ආපදා තත්ත්වයත් සමග විශාල බහාලුම් තොගයක් රට තුළට ආනයනය වෙන නමුත් එම බහාලුම් නිශ්කාෂනය කර ගැනීමට හැකියාවක් නොමැති බවය.
වරාය පරිශ්‍රය තුළ දින 4ක් 5ක් පුරා බහාලුම් පටවා ගත් ලොරි රථ 700කට වැඩි ප්‍රමාණයක් ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් මැදිහත් වී කෙලවරපිටිය අංගනය කඩිනමින් සකස් කර දෙන ලෙස ද ඔහු මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කළේය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේ, මේ සති අන්තය වනවිට බහාලුම් තදබදය අවසන් කිරීමට හැකිවනු ඇති බවය.
