නිල් අවරියවලට අත තැබූ 3කට වැඩ වරදී

නිල් අවරියවලට අත තැබූ 3කට වැඩ වරදී

February 8, 2019   09:14 am

විල්පත්තුව වනෝද්‍යානයේ ඇති ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයක්වන නිල් අවරිය ශාක කැපූ පුද්ගලයින් තිදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළට අනවසරයෙන් ඇතුළු වි එහි ඇති දුර්ලභ ගණයේ ඖෂධීය ශාකයක් වන නිල් අවරිය ශාක තොගයක් කපා ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියදී අදාල සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලිකුලම අඩවි වන ජීවි කාර්යාල නිලධාරීන් ඊයේ(07) සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන්  ගලේවෙල ප්‍රෙද්ශයේ සිට කුඩා ලොරි රථයකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පෙරියවිල්ලුව ප්‍රදේශයට පැමිණ මෙලෙස නිල් අවරිය ශාක කපා ඇති බව මුල්ලිකුලම අඩවි වන ජීවි කාර්යාල නිලධාරීන් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.