මහින්ද සමරසිංහගේ තානාපති ධුරය ගැන තීරණයක්

මහින්ද සමරසිංහගේ තානාපති ධුරය ගැන තීරණයක්

January 3, 2025   11:54 am

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පසුගිය කාලසීමාවේ දී දේශපාලන පත්වීම් ලැබු තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 16 දෙනෙකු යළි කැඳවීමට රජය තීරණය කළේය.

කෙසේවෙතත් මහින්ද සමරසිංහ මහතාව එම තනතුරේ තවදුරටත් රැඳවා තැබීමට රජය තීරණය කළ බව "අද දෙරණ" කළ විමසීමක දී විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

කෙසේ වෙතත් විදෙස් ධුත සේවය සක්‍රීය සේවයක් කිරීමේ අරමුණින් ඇතැමුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.