මාලදිවයින ඉන්දියාවෙන් ණය සහන ඉල්ලයි
සයුරෙන් එතෙර

මාලදිවයින ඉන්දියාවෙන් ණය සහන ඉල්ලයි

March 23, 2024   01:57 pm

මාලදිවයිනේ ජනාධිපති ඉන්දියාවෙන් ණය සහන ක්‍රියාමාර්ග ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ඉන්දියාවෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ දෙරට අතර වර්ධනය වෙමින් පැවැති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය මධ්‍යයේය.

කෙසේවෙතත් ඉන්දියාව තවදුරටත් මාලදිවයිනේ සමීප මිත්‍රයෙකු ලෙස අඛණ්ඩව සිටිනු  ඇතැයි මාලදිවයිනේ ජනාධිපතිවරයා පවසා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දෙරට අතර සබඳතා පළුදුවිය හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් හෝ ප්‍රකාශයක් තමන් සිදුකර නොමැති බවද මාලදිවයිනේ ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.