Back to Top

හොර විදෙස් මුදල් හුවමාරු මාධ්‍යස්ථානයක් මාට්ටු

AdaDerana Ad

හොර විදෙස් මුදල් හුවමාරු මාධ්‍යස්ථානයක් මාට්ටු

June 22, 2015  08:55 am

Bookmark and Share

බලපත්‍ර නොමැතිව මහනුවර කොටුගොඩැල්ල ප්‍රදේශයේ  පවත්වාගෙන ගිය විදේශ මුදල් හුවමාරු කිරිමේ මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
මහබැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ සහාය ඇතිව ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා  සඳහන් කළේය.
 
වැටලීම කරන අවස්ථාවේ අදාළ විදේශ මුදල් හුවමාරු කිරිමේ මධ්‍යස්ථානයේ තිබූ  රුපියල් දෙලක්ෂ විසි එක්දහස් තුන්සිය නවයක (2,21,309)ක විදේශ මුදල් තොගයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.