සයුරෙන් එතෙර
ඉරාන නැවට එල්ල වූ යුක්රේන ප්රහාරයට ඉරානයෙන් ප්රතිචාර
July 27, 2026 05:31 pm
කැස්පියන් මුහුදේ යාත්රා කරමින් තිබූ ඉරාන නෞකාවකට යුක්රේනය විසින් එල්ලකළ ප්රහාරයට ප්රතිචාර නොදක්වා සිටීමට නොහැකි බවට ඉරාන විදෙස් ඇමති අබ්බාස් අරාචි පවසයි.
සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පැවසීය.
"සෙලෙන්ස්කි ඉරාන වාණිජ නෞකාවකට පහරදී නාවිකයෙක් ඝාතනය කළා. එය එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වගේම ඊශ්රායලයේ නියෝග මත යුරෝපය යුද්ධය ඈඳාගැනීමක්.
යුරෝපා සංගමය සහ රුසියාව සමග අපි කථා කරලා පැහැදිලිව පැවසුවා, ඔවුන් කළදේට අපි නිසැකවම පිළිතුරු දෙනවා" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
