රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙන ආ  රු. කෝටි 3ක මුදල් බෑගය පැහැර ගනී

රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙන ආ රු. කෝටි 3ක මුදල් බෑගය පැහැර ගනී

June 3, 2026   04:52 pm

රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍ර සඳහා රැගෙන ගිය රුපියල් කෝටි 3.5ක මුදලක් කිසිවෙකු විසින් කොල්ලකා ඇති බව පොලිසිය පැවසීය.

අද (3) ප.ව. 2.55ට පමණ බැංකු සේවකයෙකු, බැංකුවේ පිටුපස දොරින් අත් දෙකට මුදල් මලු දෙකක් රැගෙන යන අවස්ථාවේ පුද්ගලයෙකු පැමිණ මෙම මුදල් මලු දෙක බලහත්කාරයෙන්  කොල්ලකා පලා ගොස් තිබේ.

මුදල් පැහැරගත් පුද්ගලයා පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.