සයුරෙන් එතෙර
පාකිස්තානයේ දුම්රියක් ඉලක්ක කළ ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට
May 26, 2026 04:24 pm
පාකිස්තානයේ ක්වේටා නගරයේදී පාකිස්තාන හමුදා සාමාජිකයින් රැගත් දුම්රියකට එල්ලවූ ප්‍රහාරයේ වගකීම බලොචිස්තාන් විමුක්ති හමුදාව නමැති බෙදුම්වාදී කණ්ඩායමක් විසින් භාරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
එම ප්‍රහාරයෙන් පාකිස්තාන හමුදා සාමාජිකයින් 82ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 121 දෙනෙකු තුවාල ලබා ඇති බව එම කණ්ඩායම ප්‍රකාශ කර ඇත.
ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූවන් අතර විවිධ හමුදා බළකායන්ට අයත් නිලධාරීන් සහ සෙබළුන් සිටින බවද පැවසෙයි.
මෑත වසරවලදී, පාකිස්තාන රජයට විරුද්ධ සන්නද්ධ කණ්ඩායම් විසින් බලොචිස්තාන් විවිධ ප්‍රදේශවල එල්ල කරන ප්‍රහාරයන්හි පැහැදිලි වර්ධනයක් දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
