අධික උණුසුම නිසා ප්‍රංශයේ 7දෙනෙකු මරුට
May 26, 2026 05:00 pm
ප්‍රංශයට බලපා ඇති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 7දෙනෙකු මියගොස් තිබේ.
බටහිර යුරෝපයට සහ පෘතුගාලයට බලපා ඇති තාප තරංග තත්ත්වය හමුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් ප්‍රංශයේ මියගිය පිරිස අතර අධික උණුසුමෙන් ආරක්ෂා වීම සදහා පිහිණුම් තටාකවල බැස සිටියදී දියේ ගිලීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු ද මියගොස් ඇත.
මේ අතර එංගලන්තයෙන් ද මේ වසර තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ඊයේ (25) දිනයේ වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
