රාජිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කෙරේ
May 26, 2026 01:27 pm
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
රාජිත සේනරත්න මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී සැකකරුගේ නීතිඥවරයා සඳහන් කළේ, තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවය.
ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසත් නීතිඥයරටා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන මස 02 වෙනිදා දක්වා තාවකාලිකව ලිහිල් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියම කළේය.
