කිරින්ද මුහුදේ දිය නෑමට ගිය ගුරුවරයෙකු දියේ ගිලී මරුට
May 26, 2026 12:50 pm
කිරින්ද මුහුදේ දිය නෑමට ගිය පාසල් ගුරුවරයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බඩල්කුඹුර ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් කිහිපදෙනෙකු සහ සිසුන් පිරිසක් කිරින්ද මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔවුන් දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පැවසුවේය.
කෙසේවෙතත් වෙරළ තීරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් මෙම පිරිස බේරාගෙන තිබේ.
එහිදී අසාධ්‍ය තත්වයේ සිටි ගුරුවරයෙකු සහ දැරියක් ප්‍රතිකාර සඳහා කිරින්ද රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ගුරුවරයා මෙලෙස මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් ගුරුවරයෙකු බව සඳහන් වේ.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දැරිය කිරින්ද රෝහලේ සිට තිස්සමහාරාම රෝහල වෙත මාරුකර යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
