ඩිජිටල් තාක්ෂණයන් හී ප්‍රශස්ත භාවිතය පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මාර්ගෝපදේශ

ඩිජිටල් තාක්ෂණයන් හී ප්‍රශස්ත භාවිතය පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මාර්ගෝපදේශ

April 27, 2026   10:36 am

රාජ්‍ය සේවා දුරස්ථව සැපයීමේ දී ඩිජිටල් තාක්ෂණයන්හි ප්‍රශස්ත භාවිතය පිළිබඳව ආයතන ප්‍රධානීන්ට මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ඩිජිටල් ආර්ථික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දී තිබේ.

මැදපෙරදිග කලාපයේ ඇතිවූ යුදමය තත්ත්වය හමුවේ මෙරටට බලපෑ ඉන්ධන සැපයුම් සීමාවන් හා සමස්ත බලශක්ති කළමනාකරණ අවශ්‍යතා හේතුවෙන් ජාතික ඉන්ධන තොග මත ඇති පීඩනය අවම කිරීම සඳහා රජය විසින් කාර්යාලීය සේවා සීමිතව පවත්වාගෙන යාමට මුලදි පියවර ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් පත් කර ඇති  රාජ්‍ය සේවය ක්‍රමාණුකූලව පවත්වාගෙන යාම පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ නියමයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර දුරස්ථ සේවා ක්‍රමවේදයට (Remote Work) හැකිතාක් දුරට යොමු වීමේ හැකියාව සොයා බැලීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට නියම කර ඇත. 

ඒ අනුව, දුරස්ථ සේවා සැපයවීමට මෙන්ම සාමාන්‍ය කාර්යාලයීය කටයුතු සඳහා ද ඩිජිටල් තාක්ෂණයන්හි ප්‍රශස්ත භාවිතය පිළිබඳ නිර්දේශ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලබා දීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අතුරු මාර්ගෝපදේශ හඳුන්වා දී තිබේ. එකී මාර්ගෝපදේශ භාෂාත්‍රයෙන්ම සම්පාදනය කර ඇති අතර, ඒවා https://mode.gov.lk/docs/guidelines යන සබැඳියෙන් බාගත කර ගත හැකි ය.

මේ පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්,

Modei Geng by poornima