දියේගෝ ගාසියා කඳවුරට එල්ල කළේ බැලස්ටික් මිසයිල 02ක් - ඉරාන මාධ්‍ය

දියේගෝ ගාසියා කඳවුරට එල්ල කළේ බැලස්ටික් මිසයිල 02ක් - ඉරාන මාධ්‍ය

March 21, 2026   03:08 pm

චාගෝස් දූපත් සමූහයේ පිහිටි දියේගෝ ගාසියා කඳවුරට ඉරානය එල්ල කළේ, බැලස්ටික් මිසයිල 02ක් බව එරට අර්ධ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන 'මෙහර්' අද (21) තහවුරු කළේය.

"සැලකිය යුතු ප්‍රහාරයක්...මින් අදහස් කරන්නේ ඉරානයේ මිසයිලවල පරාසය සතුරා කලින් සිතූ ප්‍රමාණයට වඩා වැඩි බව" යනුවෙන් එම ප්‍රවෘත්ති ඒජන්සියේ වැඩිදුරටත් දැක්වේ.

ඉන්දීය සාගරයේ ඇති ප්‍රධානම අමෙරිකානු නාවික කඳවුර ලෙසින් සැලකෙන චාගෝස් දූපත් සමූහයේ පිහිටි මෙම දියේගෝ ගාසියා කඳවුර සැලකෙයි.

මෙම කඳවුරට ඉරානය අතරමැදි දුර බැලස්ටික් මිසයිල 2ක් එල්ලකර ඇති බවත්, එය ඉන් තම කඳවුරුවලට හානියක් නොවූ අමෙරිකාව තහවුරු කර තිබුණි.

ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකාව විසින් 'අයිරිස් ඩෙනා' යුද නෞකාවට ටෝපිඩෝ ප්‍රහරයක් එල්ලකළ සම්මැරීනය පැමිණියේ මෙම දූපතේ සිට බවටද තොරතුරු වාර්තා විය