මාරක අනතුරු දෙකක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

මාරක අනතුරු දෙකක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

March 15, 2026   07:43 am

දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පිළියන්දල පොලිස් වසමේ නව බස්නැවතුම්පල මාර්ගයේදී, මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකු ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ පදිකයා මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 71ක් වූ මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

දොම්පේ පූගොඩ මාර්ගයේ ගිරිදර ප්‍රදේශයේදී පූගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටීමෙන් ද අනතුරක් සිදුව තිබේ. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව දොම්පේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවරුදු 47ක් වූ කපුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියෙකි. 

අනතුරින් යතුරුපැදිකාරිය හා පසු පැදිකාරියද තුවාල ලබා දොම්පේ රෝහලේ ප්‍රතිකාර ලබයි. 

දොම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.