සයුරෙන් එතෙර
දිල්ලියේ පැල්පත් නිවාස සංකීර්ණයක් ගිනිබත් වෙයි
March 12, 2026 10:33 am
ඉන්දියාවේ දිල්ලි අගනුවර උත්තම් නගර් ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් පැල්පත් නිවාස 300ත් 400ත් අතර සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ඊයේ (11) රාත්‍රී 11:50 ට පමණ මෙම ගින්න හටගෙන ඇත්තේ මටියාලා ගම්මානයේ පිහිටි මත්ස්‍ය වෙළෙඳපොළකින් බව සඳහන් වේ.
වෙළෙන්දන් සිය වෙළෙඳාම් කටයුතු නිමා කරමින් සිටියදී හටගත් මෙම ගින්න ඉතා වේගයෙන් අවට පිහිටි පැල්පත් නිවාස කරා පැතිර ගොස් ඇත.
දිල්ලි ගිනි නිවන සේවය පවසන පරිදි, ගිනි නිවන රථ 23ක් යොදවා පැය කිහිපයක මෙහෙයුමකින් පසු අද (12) අලුයම 3:45 ට පමණ ගින්න පාලනය කිරීමට හැකි වී තිබේ.
මෙම අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති වුවද, පවුල් සිය ගණනකගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති බව විදෙස් 0මාධ්‍ය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
