ශ්‍රී ලංකාව 2026 අයෝරා දිනය සමරයි
March 12, 2026 12:27 pm
සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරමින් ශ්‍රී ලංකාව මාර්තු 11 වැනිදා අයෝරා දිනය සැමරීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ විශිෂ්ටතා මධ්‍යස්ථානයේ සත්කාරකත්වය දරන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද මෙම දෙමුහුන් උත්සවය විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සාගර පාලනයේ කලාපීය සහයයෝගීතාව ශක්තිමත් කිරීම සහ පාරිසරික තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කර ඇත.
ඉන්දියානු සාගරය ආශ්රිත රටවල සංගමයේ (අයෝරා) මූලධර්ම කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම මෙම සැමරුම මගින් අවධාරණය කෙරිණි.
ඉන්දියානු සාගර කලාපය පුරා සිටින ප්රජාවන්ගේ යහපැවැත්ම සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමේදී කලාපීය සහයයෝගීතාව අවධාරණය කරමින් 'අයෝරා ජීවන තත්ත්වය නංවාලයි' යන 2026 වසරේ අයෝරා දින තේමාව මෙම උත්සවයේදී ඉස්මතු විය.
ඉන්දියානු සාගර කලාපය තුළ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ සාගරය මත පදනම් වූ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාව සතු කාර්යභාරය එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සිය අදහස් දැක්වීමේදී ඉස්මතු කළේය.
සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය, ඉන්දියානු සාගර කලාපය පුරා විද්‍යාව පාදක සාගර පාලනයට සහය වීම සඳහා පර්යේෂණ, දැනුම හුවමාරුව සහ ශක්‍යතා සංවර්ධනය සඳහා මධ්‍යස්ථානයක් ලෙස සේවය කරනු ඇති බව ඔහු කීය.
එහිදී ඉන්දියානු සාගරය ආශ්රිත රටවල සංගමයේ ප්‍රධාන ලේකම් ගරු සංජීව් රන්ජ්න් මහතාගේ පණිවිඩය මාර්තගගත ආකාරයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම උත්සවය අතරතුර, ශ්‍රී ලංකාව විසින් සාගර විද්‍යා සහ පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය නිල වශයයන් විවෘත කෙරුණි.
එය කලාපීය විද්‍යාත්මක සහයයෝගීතාව සහ දැනුම හුවමාරුව ශක්තිමත් කිරීමෙහිලා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
ඉන්දියානු සාගර කලාපය පුරා ප්‍රධාන සාගර හා පාරිසරික ගැටලු පිළිබඳ සංවාදය ඉදිරියට ගෙන යෑම අරමුණු කරගත් වෙබ් සම්මන්ත්රණ මාලාවක් ද ආරම්භ කරන ලදී.
මෙහි ප්‍රධාන දේශනය බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා විසින් පවත්වන ලදී.
