දහසක් බාධක මැද අභියෝග ජයගත් වසන්ති
March 8, 2026 02:48 pm
කාන්තාව ගතින්, සිතින් සියුමැලිවුවත් කරට කර ශක්තිමත්ව වැඩකරන කාන්තාවනුත් අප අතරේ සිටී.
ජාත්‍යන්තර කාන්තා දිනය සමරන අද, බාධක මධ්‍යයේ ජීවිතය ජයගත් එවන් දිරිය කාන්තාවක් ගැන තොරතුරු හොරණ ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඇය නමින් චුලනී වසන්ති වන අතර ඇයගේ සැමියා මීට වසර 18කට පෙර ගසකින් ඇදවැටී තිබූ අතර ඉන් පසු ඔහුට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රැකියාව අහිමිවී තිබුණි.
එතැන් සිට මාස දෙකක බිළිඳියක් ඇතුළු ගැහුණු දරුවන් තිදෙනෙකුගේ වගකීම් සහ සැමියා පෝෂණය කිරීමේ වගකීම පැටවුණේ චූලනීගේ දෙවුර මතය.
ඒ නිසාම මවකගේ උණුහුම සොයන පුංචි සිගිත්තියත් නිවසේ තබා ඇයට සිදුවන්නේ අතමිට සරුකරගැනීමට වෙළඳාමේ යෙදීමටය.
පසුව ඇය 2021 වසරේදී ඇයටම ව්‍යාපාරයක් ලියාපදිංචි කර තිබුණි.
දරුවන් වැඩිවියට පත්වීමත් සමග දෛනික වියදම්ද ඉහළයාමෙන් අද වනවිට ඇය අච්චාරු අලෙවි කිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කර ඇත.
සැමියාගේ වගකීමත් කරට ගෙන, සිය පවුලේ ආර්ථිකය නගාසිටුවමින් දරුවන්ටද අධ්‍යාපනයක් ලබාදුන් චූලනී වැනි දිරිය කතක් සමස්ත කාන්තාවන්ටම ආදර්ශයකි.
