ඉරානයෙන් ගල්ෆ් කලාපය පුරා නව ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැල්ලක්
March 8, 2026 03:42 pm
ඉරානය විසින් අද (8) උදෑසන සිට ගල්ෆ් කලාපය පුරා රටවලට එල්ලකරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වැඩිකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
කුවේටය පවසා ඇත්තේ, කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉන්ධන ගබඩාවක් ඉලක්ක කර ඩ්‍රෝන යානා රැසක් පැමිණි බවත්, එම ප්‍රහාර ව්‍යාර්ථ කළ බවත්ය.
කෙසේ වෙතත් කුවේට් රාජ්‍ය මාධ්‍යන්ට අනුව එරට සමාජ ආරක්ෂණය සඳහා වූ මහජන ආයතනයේ ගොඩනැගිල්ලට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇත.
මහල් 22කින් යුත් එම ගොඩනැගිල්ල ගිනිගෙන ඇති අතර, ඉන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.
මේ අතර සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය ද ඩ්‍රෝන ප්‍රහාරවලට මුහුණ දුන් බව පවසා ඇති අතර, අද අලුයම අවම වශයෙන් ඩ්‍රෝන යානා 21ක් විනාශ කළ බව පවසා ඇත.
බහරේනයේ නිල වාර්තාද තහවුරු කර ඇත්තේ, මිසයිල කොටස් විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලකට වැටී තිදෙනෙකු තුවාල ලබා ඇති බවය. එමෙන්ම එරට ජල ලවණ ඉවත් කිරීමේ කම්හලකට ද හානි සිදුව තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධතියද අද මිසයිල තර්ජනයකට මුහුණදුන් බව පවසා ඇත.
කෙසේ වෙතත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඊයේ (7) පවසා සිටියේ, කලාපයේ රටවල් කිහිපයක තිබූ අමෙරිකානු කඳවුරුවලට එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට එම රටවලින් සමාව අයැද සිටින බවය.
ඉරානය ප්‍රහාරයකට ලක් නොවන්නේ නම් තම අසල්වැසි රටවලට එල්ලකරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර නවත්වන බව පවසා තිබුණි.
එවන් පසුබිමක ඉරානය මෙලෙස ගල්ෆ් කලාපය පුරා නව ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැල්ලක් ඇරඹීම විශේෂත්වයක්ය.
"අමෙරිකාව අපට එල්ල කරන ප්‍රහාරවලට කලාපීය රටවල් සහයෝගය නොදක්වන්නේ නම්, අපි ඔවුන්ට පහර දෙන්නේ නෑ" යැයි පෙසෙෂ්කියන් පවසා තිබුණි.
