ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ට සියයට 25ක වැටුප් වැඩිවීමක්
March 8, 2026 02:22 pm
සියලුම ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබාදී ඇත.
ඒ, එම මණ්ඩලය අනුප්‍රාප්තික සමාගම් වෙත අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියේ පියවරක් ලෙසිනි.
ඒ අනුව අදාළ වැටුප් වැඩිවීම 2025 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන බව සඳහන්ය.
මේ සමඟ දීර්ඝ කාලයක් පුරා පැවති වැටුප් විෂමතා සාර්ථකව විසඳා ඇති බව ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවක එකමුතුව (VRS) සඳහන් කරයි.
