විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 15 දෙනෙක් අත්අඩංගුවට
March 8, 2026 01:36 pm
ගත වූ පැය 24 තුළ අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඒ, අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමකදීය.
එහිදී පුද්ගලයින් 26,895 දෙනෙකු පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.
ඉන් සැකපිට පුද්ගලයින් 568ක්, දින වරෙන්තුකරුවන් 236ක් සහ විවෘත වරෙන්තුකරුවන් 109ක් අත්ඩංගුවට ගෙන ඇත.
එමෙන්ම බීමත් රියදුරන් 282ක්, අපරික්ෂාකාරි රිය පැදවීම් සම්බන්ධයෙන් 56 දෙනෙකු සහ රථවාහන වෙනත් වැරදිවලට පුද්ගලයින් 4,160ක් සිය භාරයට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
