පන්දු පහකින් කඩුලු පහක් -  පළමු පෙළ නව ක්‍රිකට් වාර්තාවක්

පන්දු පහකින් කඩුලු පහක් - පළමු පෙළ නව ක්‍රිකට් වාර්තාවක්

March 8, 2026   12:22 pm

පන්දු පහකින් පිට පිට කඩුලු පහක් දවාගනිමින් නව පළමු පෙළ ක්‍රිකට් වාර්තාවක් පිහිටුවීමට මධ්‍යම දිස්ත්‍රික්  ‌බ්‍රෙට් රැන්ඩෙන් සමත්විය. 

ඒ, උතුරු දිස්ත්‍රික් කණ්ඩායම එරෙහිව නේපීර්හි පැවැති තරගයේදීය. 
එහි ඔහු විසින් ක්‍රියාත්මක කළ දෙවන පන්දුවාරයේ අවසන් පන්දුවෙන් උතුරු දිස්ත්‍රික් කණ්ඩායමේ හෙන්රි කූපර්ගේ කඩුල්ල දවාගත්තේය. 

ඉන් අනතුරු ඔහු විසින් ක්‍රියාත්මක කළ තෙවන පන්දුවාරයේ පළමු පන්දු 4 තුළ පිට පිට තවත් කඩුලු 04ක් බිඳහෙළමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත්විය.