ඩුබායි ගුවන්තොටුපොළට ඉහළින් පිපිරීමක්
March 7, 2026 11:46 am
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් අද (7) පෙරවරුවේ පිපිරිමක් සිදුව තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ පිපිරීමෙන් පසු ගුවන්තොටුපොළ ඉහළ අහසේ දුමාරයක් ඇති වූ බවය.
'Flightradar24' වෙබ් අඩවියද පෙන්වා දුන්නේ, පිපිරීමත් සමග ගුවන්යානා ගොඩබෑමට නොහැකිව ගුවන්තොටුපොළට ඉහළ රැදී සිටි බවය.
මේ සම්බන්ධයෙන් ඩුබායි මාධ්‍ය කාර්යාලය සිය 'X' ගිණුමේ සටහනක් තබමින් දන්වා සිටියේ, අදාළ පිපිරීම සුළු සිදුවීමක් බවය.
වැඩිදුර තොරතුරු හෙළි නොකරන එම මාධ්‍ය කාර්යාලය ගුවන්තොටුපොළ පිළිබඳ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.
ඉරානයට එරෙහිව එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු ඇතිවූ යුදමය වාතාවරණය මධ්‍යයේ මේ වනවිට ඩුබායි ගුවන්තොටුපොළේ කාර්ය මණ්ඩලය සමාජිකයන් සිව්දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති අතර, ගුවන්තොටුපොළටද හානි සිදුව ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉලක්ක වෙත ඉරානයෙන් දිනපතා ඩ්‍රෝන ප්‍රහාර එල්ල වුවද, ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ වන ඩුබායි හි සීමිත ගුවන්ගමන් වාර සංඛ්‍යාවක් ඉකුත් සඳුදා සිට යළි ආරම්භ විය.
