අසල්වැසි රටවලට එල්ලකළ ප්‍රහාරවලට ඉරාන ජනපති සමාව අයදී
March 7, 2026 01:39 pm
අමෙරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව සිදුකළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් කලාපීය රටවලට එල්ලකළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනපති මසූඩ් පෙසෙෂ්කියන් එම රටවලින් සමාව අයැද තිබේ.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් විකාශය කරමින් ඔහු මේ බව පවසා ඇත.
අසල්වැසි රටවල්වලට ප්‍රහාර එල්ලකිරීමට සිට රටට අවශ්‍යතාවක් නොමැති බවත්, සාමය සහ සන්සුන්භාවය ස්ථාපිත කිරීම කලාපීය සහයෝගීතාව ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා තිබේ.
ඉරානයට එරෙහි ප්‍රහාරයක් අසල්වැසි රටවලින් එල්ල නොවන්නේ නම්, සිය රටද කලාපීය රටවලට පහර නොදෙන බවටත් මෙහිදී ඔහු පවසා ඇත.
"මෙතැන් සිට, පළමුව පහර නොදුන්නහොත් අසල්වැසි රටවලට පහර නොදෙන්න" යනුවෙන් ඉරාන අන්තර්කාලීන නායකත්ව තීරණයක් ගෙන ඇති බවත් පෙසෙක්ෂියන් පවසයි.
