සයුරෙන් එතෙර
බංග්ලාදේශය බලශක්ති අර්බුදයක ?
March 7, 2026 10:43 am
ඉරාන, ඊශ්‍රායල, අමෙරිකානු ගැටුම උත්සන්න වීමත් සමඟ කටාර් රාජ්‍යය සිය සැපයුම් අත්හිටුවීම හේතුවෙන්, බංග්ලාදේශයට හදිසි මිලදී ගැනීම් හරහා වෙළඳපොළෙන් ද්‍රවීකෘත ස්වභාවික වායු මිලදී ගැනීම සඳහා ඉතා ඉහළ මිලක් ගෙවීමට සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් ගෑස් භාවිතය සීමා කිරීමට සහ පොහොර කම්හල් කිහිපයක් වසා දැමීමට බලධාරීන්ට සිදුවී ඇතැයි ද පැවසෙයි.
කෙසේවෙතත් අඛණ්ඩව සැපයුම පවත්වාගෙන යාම සඳහා රජය සතු Petrobangla ආයතනය මාර්තු මාසය සඳහා ක්ෂණිකව වෙළඳපොළෙන් LNG නැව් තොග දෙකක් ඇණවුම් කර ඇති බවද නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
"දිගුකාලීන ගිවිසුම යටතේ ලැබෙන සැපයුම් අඩාල වීම නිසා, අධික මිල ගණන් යටතේ වුවද ක්ෂණිකව වෙළඳපොළෙන් නැව් තොග ඇණවුම් කිරීමට අපට සිදු වුණා," යැයි එම නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත.
