ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට දැනුම්දීමක්
February 28, 2026 09:36 am
ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වූ බව එම සමාගම නිවේදනය කළේය.
ඒ අනුව අද සිට එම ගෑස් තොග කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කරන බව එම සමාගම පවසයි.
ගෘහස්ත පාරිභෝගිකයන්ට අද සිට සාමාන්‍ය පරිදි ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයන් හරහා අවශ්‍ය ගෑස් සිලන්ඩර මිලදී ගැනීමේ හැකියාව ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
