ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

February 28, 2026   12:14 pm

ඉරානය සහ අමෙරිකාව අතර උණුසුම් වාතාවරණයක් ගොඩනැගෙමින් පවතින පසුබිමක ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත මීට සුළු මොහොතකට පෙර මිසයිල ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටෙහෙරාන් නුවර පිපිරීම් තුනක් සිදුවී ඇති බවය.

මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කරමින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර සඳහා අමෙරිකානු හමුදා සම්බන්ධවූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ඊශ්‍රායලය පුරා විශේෂ සහ ස්ථිර හදිසි තත්තවයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පියවර ගෙන තිබේ.