තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

February 28, 2026   11:15 am

සාලියපුර - තෙප්පම්කුලම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

නිවෙස් හිමියා හා නිවසට පැමිණි පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන්, නිවෙස් හිමියා විසින් නිවසට පැමිණි පුද්ගලයාට මෙලෙස පහරදී ඇත.

මෙම පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වන සාලියපුර ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර පොලීසිය, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.