කළුතර නිවසක් ඉදිකිරීමට ඉඩම සකස් කිරීමේදී මෝටාර් උණ්ඩ හමුවෙයි

කළුතර නිවසක් ඉදිකිරීමට ඉඩම සකස් කිරීමේදී මෝටාර් උණ්ඩ හමුවෙයි

February 9, 2026   10:27 am

කළුතර සෙන්ට්‍රල් හන්දිය පැරකුම් මාවත ප්‍රදේශයේ නිවසක, වත්තක තිබී මෝටාර් උණ්ඩ කිහිපයක් හමු වී තිබේ.

නිවසක් ඉදිකිරීම සඳහා මෙම ඉඩමේ සංවර්ධන කිරීමට යාමේ දී අදාළ මෝටාර් උණ්ඩ කිහිපය හමු වී ඇති බව පොලීසිය පැවසීය.

කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ සහය ඇතිව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවය.