ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තුන්වන ස්ථානය දිනූ සබීනා යූසෆ් දිවයිනට
February 4, 2026 10:51 am
අමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී, එහි තුන් වන ස්ථානය මෙන්ම "ජායාකාන්ත" රැජින ලෙස කිරුළ පැලඳි සබීනා යූසෆ් මහත්මිය දිවයිනට පැමිණ තිබේ.
සබීනා යූසෆ් මහත්මිය අද (04) අලුයම 02.45ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ලෝකයේ රටවල් 60ක තරගකාරීන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් ජනවාරි මස 22 වන දින සිට 29 වන දින දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත්වූ තරගාවලියෙන් අනතුරුවය.
ඇයව පිළිගැනීම සඳහා මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ "ගෝල්ඩ් රූට්" මගී පර්යන්තය වෙත පැමිණ තිබුණි.
