කැරට් 24 රන් පවුමක් රු 12,000කින් අඩුවෙයි
February 2, 2026 03:24 pm
ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටීමත් සමඟ මෙරට රන් පවුමක මිල ද පහළ ගොස් තිබේ.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 12,000කින් පහත වැටි ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව කැරට් 24ක රන් පවුමක් රුපියල් 368,000ක් වන අතර කැරට් 22ක පවුමක මිල රුපියල් 338,600ක් ලෙස අද (02) වාර්තා වී ඇත.
ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 4,687 සීමාවේ පවතී.
එය පසුගිය සිකුරාදාට සාපේෂව අමෙරිකානු ඩොලර් 200 ක අඩුවීමක් බව සඳහන් වේ.
