කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතියට එරෙහිව උතුරේ දැවැන්ත විරෝධයක්
February 2, 2026 03:30 pm
වැලිඔය ප්‍රදේශයේ ජනතාව ඇතුළු උතුරු පළාතේ ජනතාව වෙත වගාවන් වෙනුවෙන් ජල පහසුකම් ලබාදීමේ අපේක්ෂාවෙන් ආරම්භ කිරීමට නියමිත 'කිවුල් ඔය' ජල ව්‍යාපෘතිය නවත්වන ලෙසට ඉල්ලා පිරිසක් අද (02) නෙඩුන්කේනි නගරයේදී විරෝධතාවයක නිරත වුණි.
විරෝධතාවයට උතුරු පළාතේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් හා උතුරු පළාතේ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.
විරෝධතාකරුවන් පැවසූවේ වැලිඔය ප්‍රදේශයේ ජනතාවගේ වගාවන්ට ජලය ලබාදීමේ අපේක්ෂාවෙන් ආරම්භ කිරීමට අපේක්ෂිත කිවුල් ඔය ව්‍යාපෘතිය හරහා දකුණේ ජනතාව උතුරේ පදිංචි කිරීමේ සුදානමක් පවතින බවය.
රජය අදාළ ජල ව්‍යාපෘතිය හරහා දකුණේ ජනතාවට උතුරු පළාතේ වගා ඉඩම් ලබාදී ජනාවාසකරණයක් අපේක්ෂා කරන බවත්, තමන් ඊට විරුද්ධ බවත් විරෝධතාකරුවන් සඳහන් කළහ.
