කිම් ජොන් උන් මිසයිල අත්හදා බැලීම් නිරීක්ෂණයක

කිම් ජොන් උන් මිසයිල අත්හදා බැලීම් නිරීක්ෂණයක

December 25, 2025   01:37 pm

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට නව දිගු දුර මිසයිල අත්හදා බැලීම් කටයුතු නිරීක්ෂණය කර තිබේ.

නැගෙනහිර වෙරළට ආසන්නයේ ස්ථාපිත කර ඇති මිසයිල දියත් කිරීමේ ස්ථානයක සිට උතුරු කොරියානු නායකයා එම කටයුතු නීරීක්ෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අත්හදා බැලෙන නව දිගු දුර මිසයිල මඟින් කිලෝමීටර් 200ක පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට හැකියාව පවතින බව වාර්තා වෙයි.