ශිල්ප යාත්‍රා වෙනුවෙන්...
December 22, 2025 01:54 pm
රට තුළ හට ගත් හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඔවුන්ට අවැසි පාසල් උපකරණ සොයා 'ශිල්ප යාත්‍රා' නමින් මහා පිණ්ඩපාත චාරිකාවක් අද (22) දඹුල්ල නගරයේදී ආරම්භ කෙරුණි.
දඹුල්ල අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය මඟින් සහ ස්වෙච්ඡා සංවිධාන එක්ව සංවිධානය කර තිබූ මෙම මහා පිණ්ඩපාත චාරිකාව සඳහා දඹුලු රජමහා විහාරීය භික්ෂූන් වහන්සේලා සිය නමක් මාර්ග තුනක් ඔස්සේ වැඩම කරමින් විශාල පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග වශයෙන් මහජනතාවගෙන් ලබාගන්නට යෙදුණහ.
දඹුල්ල ප්‍රදේශයේ ලොකු කුඩා ජනතාව සිංහල, දමිළ, මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ගම්මානවල සිටින බොහෝදෙනාද මඟ දෙපස රැස්වී මෙම මහා පිණ්ඩපාත චාරිකාව සඳහා තමන්ට හැකි ආකාරයෙන් දැයේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ මහා සඟරුවනට පූජා කරන අයුරු දැකගැනීමට හැකි වුණි.
ඡායාරූපය - කංචන ආරියදාස
