වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට
December 20, 2025 12:10 pm
තඹුත්තේගම මලියදේවපුර ප්‍රදේශයේ සිදුවූ වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තඹුත්තේගම පොලීසිය පවසයි.
තඹුත්තේගම මලියදේවපුර ප්‍රදේශයේ කුඹුරු යායක් සඳහා ගමන් කරන මාර්ගයක රැදී සිටියදී ඊයේ (19) පස්වරුවේ මෙම පුද්ගලයා වනඅලි ප්‍රහාරයට ලක්ව තිබේ.
මියගිය පුද්ගලයා මලියදේවපුර ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි තිදරු පියෙක්ය.
සිය කුඹුරට පැමිණෙන වනඅලි පන්නා දැමීම සඳහා මිතුරන් දෙදෙනකු සමග කුඹුරු යාය ආසන්න මාර්ගයේ බෝක්කුවක් අසල රැදී සිටියදී මෙම වනඅලියා පැමිණ පහරදීම සිදු කර ඇත.
ඔහු සමග සිටි මිතුරන් දෙදෙනා බෝක්කුව පහළට පැන දිවි බේරාගෙන තිබේ.
මියගිය පුද්ගලයා වන අලියාගෙන් බේරීම සඳහා මාර්ගයේ දිව ගොස් ඇති අතර, ඔහු පසුපස පන්නා ගොස් පහරදීම සිදුකර ඇති බව සඳහන්.
අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, පසුව ප්‍රදේශවාසීන් පැමිණ එම ස්ථානයේ රැදී සිටි වනඅලියා පන්නා දමා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
