මතභේදාත්මක එන්නත් සිද්ධියට ඉන්දීය සමාගමෙන් ලිපියක්

මතභේදාත්මක එන්නත් සිද්ධියට ඉන්දීය සමාගමෙන් ලිපියක්

December 20, 2025   12:49 pm

මතභේදාත්මක ඖෂධ ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයකින් පරීක්ෂා කරන ලෙස අදාළ ඉන්දීය සමාගම මෙරට සෞඛ්‍ය බලධාරීන් වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ජාතික ඖෂධ නීතිගත සංස්ථාව හා වෛද්‍ය සැපයුම් අංශය වෙත ඊයේ දිනයේ ලිපියක් යොමු කරමින් "මාන් ෆාමසියුටිකල්ස්" නැමැති ඉන්දීය සමාගම දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා යන වියදම් දැරීමට සිය සමාගම සූදානම් බව ද අදාළ ලිපියෙන් ඔවුන් දැනුම් දී ඇති බව අද දෙරණ කළ විමසීමකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

"මාන් ෆාමසියුටිකල්ස්" ඖෂධ සමාගමෙන් මෙරටට ආනයනය කරනු ලබන මතභේදයට තුඩුදුන් 'ඔන්ඩැන්සෙට්‍රෝන්' ඇතුළු එන්නත් වර්ග 10ක් මෙරට භාවිතය තාවකාලිකව අත්හිටුවීමට ඖෂධ නියාමන අධිකාරිය මේ වන විට පියවර ගෙන තිබේ.