කොලොම්බියාවේ බස්රථ අනතුරකින් 17 දෙනෙකු මරුට

කොලොම්බියාවේ බස්රථ අනතුරකින් 17 දෙනෙකු මරුට

December 15, 2025   08:52 am

උතුරු කොලොම්බියාවේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

බස් රථය අනතුරට ලක්වන විට එහි පුද්ගලයින් 37 දෙනෙකු සිට ඇති අතර රථය අඩි 262ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කර තිබේ.