රක්ෂණ සමාගමක ප්‍රධාන විධායක  නිලධාරියෙකු අල්ලස් දැලේ

රක්ෂණ සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු අල්ලස් දැලේ

December 12, 2025   05:58 pm

අල්ලස් පිරිනැමීම සහ දූෂණ වරදට ආධාර අනුබල දීම යන චෝදනා මත පුද්ගලික රක්ෂණ සමාගමක සේවය කළ ප්‍රධාන විධායක නිලධාරියෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා පුද්ගලික රක්ෂණ සමාගමට අයුතු සහගත ලාභයක් සලසා ගැනීම සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක කාර්යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකවරයෙකුට රු.6,415,050.00ක  (රුපියල් හැට හතර ලක්ෂ පහළොස්දහස් පනහක) මුදලක් අල්ලස් ලෙස ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අල්ලස් ලබාදීම යන වරද සිදු කිරීම සහ රජයේ නිලධාරියෙකු වශයෙන් එම ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකවරයාට දුෂණය නැමැති වරද සිදු කිරීමට අනුබල දීම යන චෝදනාව මත මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.