බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්
December 12, 2025 05:33 pm
අයථා ලෙස රුපියල් ලක්ෂ 360කට අධික වත්කම් සහ දේපොළ උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ නමැත්තා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
2012 වසරේ ජනවාරි මස 01 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වෙනිදා අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 36කට අධික වත්කම් සහ දේපොළ අයථ ලෙස අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
