හදවත සංවේදී කළ ගුවන් මෙහෙයුම
December 1, 2025 10:50 am
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හලාවත මූලික රෝහලට ගංවතුර ගැසීම හේතුවෙන් එම රෝහලේ ප්රතිකාර ලබමින් සිටි බිලිඳු දරුවන් සහ මව්වරුන් 06 දෙනෙකු පුත්තලම මූලික රෝහල වෙත ඊයේ (30) රැගෙනවිත් තිබුණි.
රත්මලාන අංක 04 වන බලඝනයට අයත් Bell–412 හෙලිකොප්ටර් යානය මගින් මෙම බිලිඳුන් සහ මව්වරුන් ආරක්ෂිත රැගෙන ඒමට කටයුතු කළේය.
