පාර්ලිමේන්තුව අද පස්වරු 12.30 දක්වා පමණයි - නැවත රැස්වෙන්නේ අනිද්දා

පාර්ලිමේන්තුව අද පස්වරු 12.30 දක්වා පමණයි - නැවත රැස්වෙන්නේ අනිද්දා

December 1, 2025   10:29 am

පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ පරිදි අද දිනට නියමිත වැය ශීර්ෂ මධ්‍යහ්න 12.30ට පමණ සම්මත කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 03 වන දින පෙරවරු 9.00 දක්වා කල්තබීමටත් තීරණය කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (01) දින පාර්ලිමේන්තුවේ දී නිවේදනය කර සිටියේය.