පුංචි පුතුට මරු කැඳවූ අනතුර

පුංචි පුතුට මරු කැඳවූ අනතුර

November 25, 2025   01:32 pm

කොළඹ, මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 5 හැවිරිදි දරුවෙකු වෑන් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලගලගේ නිවේන් මින්නාස් නම් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවන දරුවාය.

නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි අතුරු මාර්ගයක් දෙසට දිව යෑමේ දී එම මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක ගැටී අනතුර සිදුව තිබුණි.

දරුවාට අනතුරින් මතුපිට සීරිම් තුවාල පමණක් දක්නට ලැබී තිබුණද පසුව ලේ වමනය කිරීම හේතුවෙන් වෑන් රථයේ රියදුරු විසින්ම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත රැගෙන ගොස් ඇත.

පසුව රෝහල්ගත කළ දරුවා විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

50 හැවිරිදි වෑන් රථ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කර නොසිටි බවට අනාවරණය වී ඇත.