ඉන්දියාවේ දී දස්කම් දැක් වූ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයෙති
November 13, 2025 09:14 pm
ඉන්දියාවේ රංචිහිදී පැවති 4වැනි දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය විශිෂ්ට දක්ෂතා දැක්වූ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමක් පසුගියදා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකු සහභාගී වූ අතර, ඉන් 9 දෙනෙකු ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.
ඔවුන් රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 3ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට පදක්කම් 6ක් දිනා දුන්නේය.
ඒ අනුව පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෝප්‍රල් නිලයට උසස්කළ අතර, ඔවුන් මෙන්ම තරගාවලිය සහභාගි වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනමන ලදී.
රන් පදක්කම්ලාභීන්
ආධුනික ගුවන් භට පී.ආර්. තරංග (හෙල්ල විසිකිරීම/නව තරග වාර්තාව)
නායක ගුවන් කාන්තා කේ.එච්.ඒ.ඩී. කෞෂල්‍යා (මී. 400 කඩුලු පැනීම/නව තරග වාර්තාව)
රිදී පදක්කම්ලාභීන්
නායක ගුවන් භට යූ.ඩී.වයි.ඩබ්. කුමාර (දුර පැනීම)
ගුවන් කාන්තා එල්.ජී.ඒ. සත්සරණි (මී. 400 කඩුලු පැනීම)
ආධුනික ගුවන් භට එම්.ඒ.එන්.එච්. ප්‍රනාන්දු (මී. 4x400 සහය දිවීම)
ලෝකඩ පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා ඒ.ජි.වී.වී. ලක්මාලි (කවපෙත්ත විසිකිරීම)
පුහුණුකරුවන්
ඩී. චාමලී අතුකෝරල දහනායක
එම්.ඒ.ටී. ප්‍රසන්න
ජේ.එම්.ඩී.එන්. හර්ජිනාස්
ආර්.එම්.ඒ.පී. රත්නායක
කේ.වී.ආර්.සී. ගුණරත්න
කේ.ඒ. රවී
