නොසිතූ නිමේෂයේ ජීවිතයෙන් සමුගත් සහීල්

නොසිතූ නිමේෂයේ ජීවිතයෙන් සමුගත් සහීල්

November 13, 2025   03:13 pm

ගලෙන්බිදුණුවැව හොරව්පොතාන ප්‍රධාන මාර්ගයේ 10 කණුව අසලදී අද (13) යතුරුපැදියකින් ගමන් ගත් තරුණයෙකු බස් රථයක ගැටී මිය ගොස් තිබේ.

මහදිවුල්වැව සිට තඹලගමුව දෙසට ධාවනය වූ බස් රථයක ගැටී මෙලෙස අනතුර සිදුව තිබුණි.

අනතුරින් මියගොස් ඇත්තේ හොරව්පොතාන, කපුකොල්ලාව අනවිළුන්දන් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19ක එහියා උල්මුදීන් සහීල් අහමඩ් බවට අනාවරණය වී තිබේ.

මියගිය තරුණයාගේ දේහය ත්‍රිකුණාමලය මහා රෝහලට ගෙන ගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් මොරවැව පොලිීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.