අල්ලස් ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ  සභාපතිවරයාගේ ඇප ඉල්ලීම ඉවතට

අල්ලස් ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඇප ඉල්ලීම ඉවතට

November 13, 2025   03:10 pm

යුද්ධය පැවති සමයේ විදේශගතව සිට යළි මෙරටට පැමිණීමට නියමිත අයෙකුගේ ඉඩමකට බලපත්‍රයක් සකස් කර දීම සඳහා රුපියල් ලක්ෂ 05ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයියනප් පිල්ලෙ මුබාරක් නමැත්තාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව අදාළ සැකකරු ලබන 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරලම මහතා  නියෝග කර තිබේ.

එහෙත් සැකකාර සභාපතිවරයාගේ රියදුරු වූ මොහොමුදු මුස්තාපා නමැත්තා රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර ඔහුට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.