මෙම වසරේ පළමු භාගය තුළ රාජ්‍ය ආදායම පෙර වසරට සාපේක්ෂව ඉහළට
November 1, 2025 06:30 pm
මෙම වසරේ පළමු භාගය තුළ ප්‍රදාන ඇතුළත් නොවන සමස්ත රාජ්‍ය ආදායම මේ වන විට රුපියල් බිලියන 2,321.7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ 2025 වසරේ පළමු භාගය තුළ ප්‍රදාන ඇතුළත් නොවන සමස්ත රාජ්‍ය ආදායම 2024 වසරේ එම කාලසීමාවට වාර්තා වූ රුපියල් බිලියන 1,860.6ට සාපේක්ෂව රුපියල් බිලියන 2,321.7 දක්වා එනම් 24.8%කින් ඉහළ ගොස් ඇති බවය.
එමෙන්ම මෙම රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බදු ආදායම මූලික දායකත්වය ලබා දී ඇති අතර ඒ අනුව 2025 වසරේ පළමු භාගය තුළ බදු අදායම 2024 වසරේ වූ රුපියල් බිලියන 1,709.3ට සාපේක්ෂව රුපියල් බිලියන 2,151.1 දක්වා එනම් 25.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ සඳහන්ව තිබේ.
මෙම බදු ආදායම් ඉහළ යාම සඳහා ප්‍රධාන කරුණු කිහිපයක් බලපා ඇති අතර ඒ සඳහා මෝටර් රථ සඳහා වූ නිෂ්පාදන බදු ආදායම, මෙන්ම එකතු කළ අගය මත බදු ආදායම, රේගු ආනයන බදු, ආදායම් බදු, වෙළෙඳ භාණ්ඩ බදු, සමාජ ආරක්ෂණ බදු, පෙට්‍රෝලියම් නිෂ්පාදන තුළින් ලැබී ඇති බදු, මත්පැන් තුළින් ලද සුරාබදු ආදායම් මෙන්ම සෙස් බදු ආදායම් ඉහළ යාම වැනි කරුණු බලපා ඇති බවත් එහි සඳහන්ව ඇත.
ඒ අනුව මෝටර් රථ සඳහා වූ නිෂ්පාදන බදු ආදායම 335.6%කින් එනම් රුපියල් බිලියන 99.5ක්, කින් වර්ධනය වී ඇති අතර එකතු කළ අගය මත බදු ආදායම 27.6%කින් එනම් රුපියල් බිලියන 170.4කින් වර්ධනය වී තිබේ.
තවද රේගු ආනයන බදු 92.7%කින් එනම් රුපියල් බිලියන 45.2කින් ඉහළ යාම, ආදායම් බදු 9.2%කින් එනම් රුපියල් බිලියන 41.3කින් ඉහළ යාම, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 70.5%කින් එනම් රුපියල් බිලියන 32.1කින් ඉහළ යාම, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 17.7කින් එනම් රුපියල් බිලියන 22.3කින් ඉහළ යාම, පෙට්‍රෝලියම් නිෂ්පාදන තුළින් ලැබී ඇති බදු ආදායම 15.5%කින් එනම් රුපියල් බිලියන 15.0කින් ඉහළ යාම, මත්පැන් තුළින් ලද සුරාබදු ආදායම 9.2%කින් එනම් රුපියල් බිලියන 9.1කින් වැඩි වීම මෙන්ම සෙස් බද්ද තුළින් ලද ආදායම 9.3%කින් එනම් රුපියල් බිලියන 3.5කින් ඉහළ යාමද ප්‍රධාන වශයෙන් බලපා ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන්ව තිබේ.
