පුද්ගල ඝාතනයක් සැලසුම් කළ අයෙකු අත්අඩංගුවට

පුද්ගල ඝාතනයක් සැලසුම් කළ අයෙකු අත්අඩංගුවට

November 1, 2025   04:57 pm

හිරණ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ද මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13ක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන හිඟුරාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

අදාළ පුද්ගලයා දමන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් දමන, හිරණ පොලිස් ස්ථාන සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය ඒකාබද්ධ විමර්ශනයක් සිදු කරයි.