ජගත් සංවිධානයෙන් පාකිස්තානයට සිහිකැඳවීමක්
සයුරෙන් එතෙර

ජගත් සංවිධානයෙන් පාකිස්තානයට සිහිකැඳවීමක්

November 1, 2025   07:13 am

බලොචිස්තානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුව පාකිස්තානයේ ත්‍රස්ත විරෝධී නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව එරට මාධ්‍ය පවසයි. 

අදාළ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද කනස්සල්ල පළ කර ඇති බවය.

ආචාර්ය සබීහා බලුච්, ආචාර්ය ෂාලි බලුච් සහ සම්මි ඩින් බලුච් යන බලුචි මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙලෙස පාකිස්තානයේ ත්‍රස්ත විරෝධී සිව්වන උපලේඛන නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

මෙම පුද්ගලයින් ලැයිස්තුගත කිරීම ඔවුන්ගේ කටයුතු අඩපණ කරවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

2025 පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පාකිස්තානයට අනතුරු අඟවා තිබුණේ මෙලෙස නම් ලැයිස්තුගත කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන බවටය.