වැලිගම සභාපති ඝාතනයට පැමිණි යතුරුපැදිය කැළෑවකින් හමුවෙයි

වැලිගම සභාපති ඝාතනයට පැමිණි යතුරුපැදිය කැළෑවකින් හමුවෙයි

November 1, 2025   01:28 pm

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බුත්තල - කතරගම මාර්ගයේ කැළෑබද ප්‍රදේශයක තිබී සොයාගෙන තිබේ.

අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ යතුරුපැදිය එම මාර්ගයේ 16 කණුව අසළ කැළෑ ප්‍රදේශයක තිබී ඊයේ (31) පස්වරුවේ සොයාගෙන ඇත.

ඝාතනය සිදුකර ඔවුන් පලාගොස් ඇත්තේ, අදාළ යතුරුපැදියෙන් වන අතර සැකකරුවන් කැකිරාව ප්‍රදේශයට යන අතතුර යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්ව ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ඔවුන් යතුරුපැදිය කැළෑ ප්‍රදේශයේ දමා පලාගොස් ඇති අතර එම අවස්ථාවේදී සැකකරුවන් වනඅලි ප්‍රහාරයකටද ලක්වීමට ගොස් ඔවුන් ඉන් බේරී පලාගොස් ඇති බවද සඳහන් වෙයි.

සොයාගන්නා ලද මෙම යතුරුපැදිය අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.