චීනය 'සෙන්ජෝ-21' අභ්‍යවකාශ මෙහෙයුම දියත් කරයි

චීනය 'සෙන්ජෝ-21' අභ්‍යවකාශ මෙහෙයුම දියත් කරයි

November 1, 2025   01:25 pm

හෙවන්ලි පැලස් (Heavenly Palace) හෙවත් දිව්‍ය මාලිගය ලෙස හැඳින්වෙන චීනයේ ටිඇන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත 'Shenzhou-21' අභ්‍යවකාශ මෙහෙයුම දියත් කිරීමට චීනය ඊයේ (31)  කටයුතු කළේය.

ලෝන්ග් මාච් (Long March-2F) වර්ගයේ රොකට්ටුවක් මේ සඳහා යොදාගෙන ඇත.

අදාළ මෙහෙයුම වයඹදිග චීනයේ ජිවුක්වාන් ප්‍රදේශයේ පිහිටි චන්ද්‍රිකා දියත්කිරිමේ මධ්‍යස්ථානයේ සිට දියත්කර තිබේ.

අජටාකාශගාමීන් තිදෙනෙකුගෙන් සමන්විත එම මෙහෙයුමේ විශේෂත්වය වන්නේ, ඒ සඳහා චීනය මෙතෙක් අභ්‍යකාශයට යැවූ ළාබාලතම අජටාකාශගාමියා ද එක්ව සිටීමයි. 

ඒ තිස් දෙහැවිරිදි (32) වූ-ෆෙයි නම් ඉංජිනේරුවෙක්ය.

මේ අතර මෙම පිරිස සමග කළු මීයන් සිව්දෙනෙක් ද පළමුවරට එම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

ඒ විශේෂ තත්ත්ව යටතේ සිදුකරන සත්ත්ව ප්‍රජනනය ඇතුළු පර්යේෂණ කිහිපයක් සඳහාය.