සයුරෙන් එතෙර
ඉන්දියාව සහ අමෙරිකාව අතර ගිවිසුමක්
November 1, 2025 06:40 am
ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය වසර 10ක ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබේ.
එය ඔවුන්ගේ වර්ධනය වන හවුල්කාරීත්වයේ නව යුගයක් සනිටුහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ එක්සත් ජනපද යුද ලේකම් පීට් හෙග්සෙත් අතර ක්වාලාලම්පූර් හිදී අත්සන් තැබුණු මෙම ගිවිසුම ඉන්දු - අමෙරිකානු ප්‍රධාන ආරක්ෂක හවුල්කාරීත්වය සඳහා දිගුකාලීන ප්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් බව පැවසෙයි.
ගිවිසුම නිවේදනය කරමින්, අමෙරිකාව සඳහන් කරන්නේ එය ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි බවත් දෙරටේ ආරක්ෂක සබඳතා සැමදා ශක්තිමත් බවත්ය.
